Sunday, 2 November 2008

සුසුම් සදෙස


දහසක් දේ ඇත කීමට සිරවීලා
කිසිවෙක් නැතේ ඇසුමට එය ලං වීලා
මගේ දුක බෙදා ගත් නුඹ දැන් ඈත් වෙලා
සුසුමක තබා එවනෙමි එය පා කරලා

ගත සිත දෙකට නෑ සුවයක් වෙහෙස මිසක්
දුක බෑ කියන්නට නොමැතිව ළබැඳි සිතක්
මා පැතු සුවය නැත යුග ගෙය අඳුරු තැනක්
සිනහව මතක නෑ මා හට කඳුළ මිසක්

1 comment:

හේම ජයන්ත කොළඹගේ said...

ඒක එහෙමමයි. ප්‍රියයන්ගෙන් වෙන් වීම, කැමතිදේ නොලැබීම,අකමැති දේ ලැබීම,
ලෙඩවීම,ජරාවට පත්වීම,මරණය කොටින්ම ඉපදීමම
දුකක්. දුක්ඛ ආර්යය සත්‍යය යනු මෙයයි. යමක් කෙරෙහි ඡන්දරාගයක් ඇතිද තන්හාවක් බැදීමක් ඇතිද එයයි දුක.