Wednesday, 29 October 2008

හුදකලාව

මේ දුක මහ බරකි මට
තනිවම දරනු බැහැ එය
නොතේරෙන කවියක
දවටා එවමි ඔබ වෙත

කැඩපතක් වෙත හිඳ
මා යට සොයන කල මා
පිරිපුන්ව පෙනෙතත්
තිබූ යමක් නැති බව හැඟේ මට

රළ පෙළක වෙරළක
අහඹු එක් බෙලි කටුවක
හෝ ගාන හිස් බව
රැව් නඟයි නොනැවතී මා තුළ
පුරුදු මහ දිග රැයක
අවදිව දකින සිහිනෙක
මා හා එකම මග යන
කිසිවෙක් නොමැත මා හට
තනිවෙලා අදවන තුරුත් මම


6 comments:

Priyankara Perera said...

බෝහෝම දුකක් දනවන සිදුවීමක් ,
බෝ දුකයී....

ඔයා මේ ලියන සිතුවිලි ඔයාගේම එවද , නෑතිනම් පොතකින් උපුටා ගන්නා ලද එවාද ?
( රුප සහා අනිකුත් දේ ස්කෑන් කරලා ඈතුලත් කරලා තියන හින්දයී එහෙම ඈහෑව්වේ)

ලිහිණි said...

හිරු නැගි දහවලක
දිගුව ගතවන රැයක
අත නොහැර ඒක මගට
සෙවනැලි පමණි තනියට

Anonymous said...

හිමිදිරය දහවල
දිගු රැයක ෙක ලවර
එකම මග ඒක්ව පියමැන
ෙස වනැලි පමණි තනියට

ලිහිණි said...
This comment has been removed by the author.
නොලියූ කවක් said...

මේ සිතුවිලි සියල් "නොලියූ කවක්" ලෙස ප්‍රකාශයට පත් කළා. (ISBN 955-99565-6-7) ප්‍රථම මුද්‍රණය අවසන්. දෙවන මුද්‍රණය මෙසේ නිකුත් කිරීමට සිතුවා.

හේම ජයන්ත කොළඹගේ said...

සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව ඔබට පසක් වෙනවාද? යමක් "මමය..මගේය" යනුවෙන් සිතින් අල්ලාගත්තා නම් එය සංස්කාරයකි. සිතේ හටගන්නා මේවා ඇතිවී නැතිවී යන නිසා දුක හටගනියි. කැමති පරිදි පවත්වන්නට නොහැකි නිසා හේතුව නිසා ඇතිවී හේතුව නිරුද්ධවන විට නැතිවී යන හෙයින් අනාත්ම වේ.මේ ලෝක ස්වභාවය තේරුම් ගන්න. දුක නිවා ගත හැකියි.