Tuesday 4 November 2008

දැහැන බිඳෙයි.

නිශා සියොතුනි, එපා හඬන්නට
මැදියම මා සිත බිය වේවි
විහඟ ගීත හඬ එපා නඟන්නට
සමවැදි මගේ දැහැන බිඳේවි
සසල දෙනෙත් යුග එපා ගාටන්නට
ආශා පල් පිබිදී ඒවී
සරසවියට මා පුරනා පෙරුමන්
පය පා මුල විසිරී යාවී.

1 comment:

jayantha colombage said...

සත්ත්වයාගේ පිරිසිදුවීම පිනිස කායානුපස්සනාව,වේදනානුපස්සනාව,චිත්තානුපස්සනාව,
ධම්මානුපස්සනාව නම් වූ සතර සතිපට්ඨාණයක් ඇත.
අවිද්‍යා සහගත දැහැණට වඩා ප්‍රකෘතිය මෙනෙහිකරන්න.යථාර්ථය පෙනේවි.