නන්නාඳුනන උන් වගේ
නොබලති එකිනෙකා උන් දෙස
අහවර වූ මුත්, ඉදී බත් පත
නොහොඳ නෝක්කඩු පවතී.
ඉදී ගිය කෙහෙරැල්ල
කහට පැහැ දත් දෙපෙල
ඇදී ගිය හකුපාඩු
මොටද මේ අමනාප
දිවිමගේ පසු බාගෙ
පෙහෙවසින් සිත් නැමැද
උවටැන්ව උනුන් හට
දුරුකරන් අමනාප
සමගි දෙපලක් ලෙසින්
Wednesday, 26 November 2008
Subscribe to:
Post Comments (Atom)
1 comment:
වරද උන් තුල නොවේ
සිත් තලන කෙලෙස්මය.
සංසාර දිවිමගට තවතවත් ඇද දමන
කෙලෙස් මල නිසාමය...
තනිව ආ මග තනිව යන්නට
නියමවී ඇත හේතුඵල ලෙස
කෙලෙස් මල ජයගන්න හැකි උනොත් දවසක
අන්න ජය අත ලගය
Post a Comment