Sunday 19 October 2008

නාඩන් සරසවිය

ඉස්සර වගේ රබරොසියා පිපෙනවද
මැයි මල් බලන්නට බඹරුන් ඇදෙනවද
"විරුසිසු" විජේරාමයෙ මක් කරනවද
සෝරත හිමියෝ මේවා තව ඉවසයිද

බැම්මේ ඉඳන් ටික ටික තෙල බෙදපු එවුන්
හැල්මේ ගොසින් රුග් එක මිස් කරපු එවුන්
කවුරුත් එකයි කම වාසිය හොයපු එවුන්
සරසවි නමයට මඩ මුසු කරපු එවුන්

පිට අය ඔපට අත දිගු කර බනින විට
ඉවසන් ඉන්න බෑ අම්මේ රිදෙයි මට
දූ දරු කැළත කළ නොමනත් කම් වලට
විදුදය පලිද උන්ගේ මව් වූ කමට

දිවයින සතර දිග්බාගෙන් ආපු පුතුන්
අද හොඳ තැන්වලය මවුනේ නුඹේ පිනෙන්
නැහැවුණු නමුදු පින් බිම ලේ කඳුළු වලින්
විදුදය විහිදුවයි නිරතුරු සුවඳ සඳුන්

1 comment:

Bo said...

හරිම හැඟුම්බර කවියක්. ඔබේ කවි සියල්ල රසවිඳිනවා, අර්ථ රසයෙන් වගේම ශබ්ද රසයෙන්ද යුතු ඒවා ලියන ඔබට ස්තූතියි