Wednesday 29 October 2008

හුදකලාව

මේ දුක මහ බරකි මට
තනිවම දරනු බැහැ එය
නොතේරෙන කවියක
දවටා එවමි ඔබ වෙත

කැඩපතක් වෙත හිඳ
මා යට සොයන කල මා
පිරිපුන්ව පෙනෙතත්
තිබූ යමක් නැති බව හැඟේ මට

රළ පෙළක වෙරළක
අහඹු එක් බෙලි කටුවක
හෝ ගාන හිස් බව
රැව් නඟයි නොනැවතී මා තුළ
පුරුදු මහ දිග රැයක
අවදිව දකින සිහිනෙක
මා හා එකම මග යන
කිසිවෙක් නොමැත මා හට
තනිවෙලා අදවන තුරුත් මම


Sunday 19 October 2008

නාඩන් සරසවිය

ඉස්සර වගේ රබරොසියා පිපෙනවද
මැයි මල් බලන්නට බඹරුන් ඇදෙනවද
"විරුසිසු" විජේරාමයෙ මක් කරනවද
සෝරත හිමියෝ මේවා තව ඉවසයිද

බැම්මේ ඉඳන් ටික ටික තෙල බෙදපු එවුන්
හැල්මේ ගොසින් රුග් එක මිස් කරපු එවුන්
කවුරුත් එකයි කම වාසිය හොයපු එවුන්
සරසවි නමයට මඩ මුසු කරපු එවුන්

පිට අය ඔපට අත දිගු කර බනින විට
ඉවසන් ඉන්න බෑ අම්මේ රිදෙයි මට
දූ දරු කැළත කළ නොමනත් කම් වලට
විදුදය පලිද උන්ගේ මව් වූ කමට

දිවයින සතර දිග්බාගෙන් ආපු පුතුන්
අද හොඳ තැන්වලය මවුනේ නුඹේ පිනෙන්
නැහැවුණු නමුදු පින් බිම ලේ කඳුළු වලින්
විදුදය විහිදුවයි නිරතුරු සුවඳ සඳුන්

නොලියූ කවක්

පිදුම

දියණියේ නුඹ දරා
පුරා දස මස් පුරා,
සනහස පෙරුම් පිරුවද
දුවේ නුඹ උපන් දා
වෙන් වීමු අපි, සදා
එයයි අපගේ
කටුක ඉරණම
එහෙත් දියණියේ,
කාල යාත්‍රාවෙන්
අතීතයට ගෙස්
පන්හිඳ සන්කොට
පිළිගන්වමි නුඹට මම,
කිව නොහැකි වූ
සදාදරණීය
නොලියූ කව.